ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (05)දින උදෑසන පැමිණි සංක්‍රමණික ගුවන් මගී කාන්තාවකට , ගුවන් තොටුපොළ තුළ දී දරු ප්‍රසූතියක් සිදු වී තිබෙනවා. ඇය 29 හැවිරිදි ටැන්සානියානු ජාතික කාන්තාවක්.
ඊයේ(05) දින උදෑසන 06.30 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. – 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැඳී සිට තිබුණා .
එහිදී ඇයට දරු ප්‍රසූතිය සඳහා පූර්ව ලක්ෂණ සහිත ප්‍රසව වේදනා ඇති වීමත් සමගම , ඇය වහාම කටුනායක ගුවන් තොටුපොළ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කළා.
එහිදී එම වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ සහාය මත ඇය පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.
ඉන්පසු එම මව සහ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත කටුනායක ගුවන් තොටුපොළ ගිලන් රථයක් මගින් යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තෙ.
Tags
සාමාජීය
