සහන දෙන්න - මහ බැංකුව බැංකුවලට දන්වයි

ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයින් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීමට අදාළ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පැවසුවේ ඒ අනුව මුල් ණය මුදල හෝ ණය පොලිය ආපසු ගෙවීම මාස 03 සිට 06 දක්වා කාලයක් ඒ ඒ සිද්ධිය සලකා බලමින් අත්හිටුවීමට තීරණය කර ඇති බවයි. 

ඒ අනුව ණය ගනුදෙනුකරුවන් අදාළ බලපත්‍රලාභී බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් 2026 ජනවාරි මස 15 වැනිදාට පෙර ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ යුතුයි.

Previous Post Next Post

Contact Form