කුණාටුව එනවා කියා පීකර් බැදගෙන හැමතැනම කිවුවා.. සමහරු අයින් වුනේ නෑ

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය 25 වෙනි දින උදෑසන සිට සුළි කුණාටුව පිළිබඳ අනතුරු ඇඟවීම සිදුකළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

එතැන් සිට රජයක් ලෙස ගතයුතු සියලු විධිවිධාන ආණ්ඩුව ගෙන ඇති බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

පොලිසිය සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන් එක්ව ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගෙන බොහෝ පෙදෙස්වල කණ්ඩායම් ඉවත් කළ බව ද ඔහු පෙන්වා දෙයි.

පිරිසක් සිය කැමැත්තෙන් සිය වාසස්ථානවල රැඳී සිටිය ද අනතුරු ඇඟවීම ලද විගස රජයක් ලෙස ගතහැකිව තිබූ උපරිම ක්‍රියාමාර්ග ගත් බව ද ඇමති ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ  පාර්ලිමේන්තුව අමතමිනි.

"ව්‍යසනය හමුවේ විපක්ෂ මන්ත්‍රීවරු ව්‍යාජ ප්‍රකාශ සමාජගත කරන්න උත්සාහ කරනවා. ව්‍යසනය කළමනාකරණය කරගන්නට සහයක් දෙනවා නම් විපක්ෂය කළ යුත්තේ එවැනි බොරු තොරතුරු සමාජගත නොකර සිටීමයි. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීම කළ නොවැම්බර් 25 වැනිදා සිට රජයක් ලෙස සියලු විධිවිධාන අරගෙන තියෙනවා. 

ඒ වගේම පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන දැනුවත් කිරීම් කරමින් විශාල වශයෙන් පිරිස් ඉවත් කරන්න කටයුතු කළා. අනතුරු ඇඟවීම කළ දා සිට රාජ්‍ය ආයතන සක්‍රීයව කටයුතු කළා. 

එමෙන්ම ජල කළමනා කරණ ආයතන අදාළ කළමනා කරණ කටයුතු කිරීම අරඹා තිබුණා.රට පුරා මුදා ගැනීම සඳහා නාවික හමුදා මෙන්ම පෞද්ගලික අංශයේ බෝට්ටු විශාල වශයෙන් යොදා ගත්තා.බොරු ප්‍රචාර වලට නොරැවටී ඇත්ත ඇති සැටියෙන් දකින ලෙස අප ජනතාවට ආරාධනා කරනවා"


Previous Post Next Post

Contact Form