2025-2026 ශ්‍රී පාද වන්දනා වාරයෙදි හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාදය කරුණා කරන දෙස් විදෙස් වන්දනාකරුවන්ට පවතින අයහපත් කාළගුණය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ ප්‍රධාන කාර්යාලයේ භූ විද්‍යාඥයන් පිරිසක් පැමිණ සිදු කල පරික්ෂනයකින් අනතුරුව නිකුත් කර ඇති නිර්දේශ අනුව සිමාවන් පැනවීමට තීරණය කර ඇති බව නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමිර ගම්ලත් මහතා පැවසීය.
ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්, මධ්‍යම පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නෝර්වුඩ් ප්‍රාෙද්ශිය ලේකම් සමීර ගම්ලත්, හැටන් කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර, ජාතික ගොඩනැගිලි පර්යේෂනායකනයේ නිළධාරින් එක්ව ශ්‍රී පාද උඩමළුවේදි එම නිර්දේශ සම්බ න්ධයෙන් සාකච්ඡා කර සියලු පාර්ෂවයන් එක්ව පොලිස් දෙපාර්තමේන්තුව හරහා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කරන බැතිමතුන් සහ දෙස් විදෙස් සංචාරකයන්ට ඉදිකටු පහණෙන් ඉහළට කරුණා කිරීමට සිමාවන් පනවා ඇති අතර, එසේ පැමිණෙන වන්දනාකරුවන් වැඩි පිරිසක් ඉදිකටු පහණ පොලිසිය අසළින් රත්නපුර මාර්ගයට පිවිස ශ්‍රී පාදස්ථාන උඩමළුවට පිවිසීමට අවස්ථාව ලැබෙන බවයි එම නිවේදනයේ සදහන් කර ඇත්තේ.
මේ සදහා අමතර පොලිස් නිළධාරින් පිරිසක් බැතිමතුන්ගේ ආරක්ෂාව උදෙසා 2025-2026 ශ්‍රී පාද වන්දනාවාරයෙදි යෙදවිමට කටයුතු කරන බව මධ්‍යම පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පැවසීය.
ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියන් කියා සිටියේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුව්නගේ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව පළමුව සිදු කල යුතු බවත්, ශ්‍රී පාද වන්දනාවාරයෙදි වන්දනාකරුව්න පැමිණියත් නොපැමිණියත් 2025-2026 ශ්‍රී පාද වන්දනාවාරය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
