උතුරු වියට්නාමයේ අද (27) සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරට ලක්වූ බස් රථයේ මගීන් 18 දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන්ගෙන් බහුතරයක් හැනෝයි නුවර සිට ලාඕ කායි (Lao Cai) පළාත බලා පුණ්‍ය කටයුත්තක් සඳහා යමින් සිටි ගුරුවරුන් බවයි අනාවරණය වී ඇත්තේ.
වියට්නාම පුවත් ඒජන්සිය (VNA) සඳහන් කරන්නේ යෙන් බායි (Yen Bai) පළාතේ බෑවුම් සහිත මාර්ගයක ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බවයි.
ප්‍රාදේශීය බලධාරීන් පවසන පරිදි, බස් රථයේ තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් මෙම අනතුරට හේතුවන්නට ඇතැයි සැක කරන බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
වියට්නාමයේ අධික වේගය සහ යාන්ත්‍රික දෝෂ හේතුවෙන් බස් සහ ලොරි රථ අනතුරට ලක්වීම බහුලව දක්නට ලැබෙන්නක් වන අතර, එරට මුදල් අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, මේ වසරේ මුල් මාස 10 තුළ පමණක් සිදුවූ මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 8,515 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 10,204 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
