මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝ 12,000කට මුද්‍රා තැබේ

 අනුරාධපුර දිස්ත්‍රික්කයේ  සත්ත්ව ගොවිපොළක, ගංවතුර හා විදුලිය ඇණහිටීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වූ මස් කි.ග්‍රෑ. 12,000ක ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින්  අද (7) මුද්‍රා තබන ලදී. 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකයට (1926 ) ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේ දී මෙම මස් තොගය හමු වී ඇත.

ඒ අනුව අදාළ සත්ත්ව ගොවිපොළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පරික්ෂාවට ලක්කර, එම මස් තොගය මුද්‍රා තැබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා පැවසීය.

ඒ අනුව එම මස්වල සාම්පල හෙට (8) රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට නියමිතය. 

රස පරික්ෂක වාර්තා අනුව ඉදිරි නෛතික කටයුතු සිදු කෙරේ.



Previous Post Next Post

Contact Form