අමෙරිකා එක්සත් ජනපදයේ 'U.S. News & World Report' සඟරාව මගින් 2026 වසර සඳහා "ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ" අතරට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.
කලාපයේ අනෙකුත් ප්‍රමුඛ සංචාරක මධ්‍යස්ථාන අභිබවා යමින් ශ්‍රී ලංකාව මෙම ස්ථානය දිනාගෙන ඇති අතර, ශ්‍රී ලංකාව සතු "විවිධාංගීකරණය වූ සංචාරක අත්දැකීම්" මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා.
කලාපයේ අනෙකුත් ප්‍රමුඛ සංචාරක මධ්‍යස්ථාන අභිබවා යමින් ශ්‍රී ලංකාව මෙම ස්ථානය දිනාගෙන ඇති අතර, ශ්‍රී ලංකාව සතු "විවිධාංගීකරණය වූ සංචාරක අත්දැකීම්" මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව තිබීම සුවිශේෂීයි.
මෙම ශ්‍රේණිගත කිරීම දත්ත විශ්ලේෂණයන් මත පදනම්ව සිදු කර ඇති අතර ඒ සඳහා ප්‍රවේශ වීමේ පහසුව සහ දැරිය හැකි පිරිවැය, සංස්කෘතික සහ ආහාරපානවල ඇති පොහොසත් බව, සංචාරක ආකර්ෂණ ස්ථාන සහ සංචාරකයින්ගේ ප්‍රසාදය යන කරුණු සලකා බලා තිබෙනවා.
එමෙන්ම, එකම කුඩා දූපතක් තුළ ලෝක මට්ටමේ වෙරළ තීරයන්, යුනෙස්කෝ ලෝක උරුම අඩවි සහ අතිවිශිෂ්ට වනජීවී සෆාරි අත්දැකීම් ලබා ගැනීමට ඇති හැකියාව මෙම වාර්තාව මගින් විශේෂයෙන් අගය කර තිබෙනවා.
