බීමත් රියදුරන්ට ලකුණු!ලකුණු 24ක් ගත්තතොත් ලයිෂන් කැන්සල්!

 ඉදිරි වසරේ ජුනි මාසයේ සිට රියැදුරන් සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු යොදා ඇති බව මාර්ග ආරක්ෂාව හා රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ඒ.ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කළේය.



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රවාහන අමාත්‍යාංශය සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය නියෝජනය කරන විශේෂඥ කමිටුවක් මගින් මේ වන විට මෙහි මූලික වැඩකටයුතු සම්පාදනය කරමින් පවතින බව ඔහු අනාවරණය කළේය.

 'Gov pay' පද්ධතිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට දඩ මුදල් ගෙවීමේ පහසුකම ආරම්භ වීමත් සමඟ රියැදුරන් සිදුකරන මාර්ග නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව ලකුණු අඩු කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වේ.

සෑම රියැදුරකුටම හිමිවන අකුසලතා ලකුණු 24 සීමාව ඉක්මවා යන පුද්ගලයන්ගේ රියදුරු බලපත්‍රය වසර දෙකක කාලසීමාවකට අවලංගු කිරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Now
News

විශේෂ පුවතක්! 🚨

ආණ්ඩුවේ අලුත් තීරණය...