රුපියල් 70ක් වටිනා පානීය ජල බෝතලයක් රුපියල් 100කට අලෙවි කිරීමට එරෙහිව නිට්ටබුව නගරයේ වෙළෙඳසැල් හිමිකරුවකුට රුපියල් ලක්ෂ 4ක දඩයක් අත්නගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න පසුගිය (5) දින නියම කළා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලය විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකිරීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැන්වුවා.
රුපියල් 70 කට විකිණීමට තිබූ 500 mlක පානිය ජල බෝතල් 4ක් රුපියල් 90ට සහ 100 කට අලෙවි කිරීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවා.
2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) සහ 68 වගන්ති සහ 2021 අංක 20 සංශෝධන පනතේ 60(4A) වගන්තිය යටතේ මෙම සැකකරු විසින් වරදක් කර ඇති බව විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු දැක්වුවා.
Tags
සාමාජීය
