තායිවානයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 7.0 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (27) පස්වරුවේ සිදුව ඇති බව එරට මධ්‍යම කාලගුණ පරිපාලනය (Central Weather Administration) නිවේදනය කරනවා.
ඉලාන් (Yilan) නගරයට කිලෝමීටර් 32 ක් පමණ නැගෙනහිරින් පිහිටි මුහුදු ප්‍රදේශයේ භූ මතුපිට සිට කිලෝමීටර් 73 ක් පමණ ගැඹුරින් උත්තර අක්ෂාංශ 24.69° සහ නැගෙනහිර දේශාංශ 122.08° ප්‍රදේශයේ මෙම භූ කම්පනය ඇතිවූ බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ
