ලෝකයේ ඕනෑතරම් රහස් මේ මහපොළොව යට වැලලිලා තියෙනවා.සමහර වෙලාවට ඒවා වසර ගණනනාවකින් එළියට එනවා.සමහර රහස් තියෙනවා ඒවා තියෙනවද කියලවත් අපි තාම නොදන්න, මේ කතාවත් කාලයක් පස් යට වැළලිලා තිබිලා එළියට ආපු අන්න ඒ වගේ කතාවක්..!
අයර්ලන්ත ටුවාම් ( Tuam) නගරයේ පැරණි මාතෘ නිවාසයකින් දෙවෙනි වරටත් බිළිදුන්ගේ සොහොන් බිමක් හමු වී තිබෙනවා. මෙයිට කලින් එම ස්ථානයේම වැසිකිලි වලක තිබී බිළිඳුන් මලසිරුරු 796 ක් හමු වී තිබෙනවා.
මේ වෙද්දි කෙරෙන අලුත්ම කැණීම් වලින් හෙළි වී තියෙන්නෙ කලින් මලසිරුරු හමු ස්ථානයට මීටර් 15 ක් දුරින් මීටරයකටත් අඩු ගැඹුරක මෙම බිළිඳු මල සිරුරු වල දමා තිබීමයි.
මෙම මලසිරුරු අලුත උපන් බිළිදාගේ සිට අවුරුදු 9 දක්වා වයස් කාණ්ඩවල දරුවන් වීමද විශේෂත්වයක්. මොවුන් වෙනුවෙන් සොහොන් සලකුණක්වත් දක්නට නැහැ කියලා තමයි කියන්නේ.
මෙම නිවාසය ක්‍රියාත්මක කර ඇත්තේ විවාහ නොවූ දරුවන් ලැබෙන ඉන්න කාන්තාවන් සඳහා..1925 සිට 1961 දක්වා මෙම මාතෘ නිවාසය ක්‍රියාත්මක වී ඇත. සමාජයෙන් කොන් වෙන ලද මව්වරුන්ගේ දරුවන් බලහත්කාරයෙන් වෙන් කර මෙහි රඳවා තබාගෙන ඇත.
