ප‍්‍රහාරයකට සූදානමින් සිටි පිරිසක් පෙට‍්‍රල් බෝම්බ හයක් සමග අල්ලයි.


සීදුව පිහිටි සමාජ ශාලාවකට පෙට්‍රල්  බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කරමින් සිටි හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම සිදු කර ඇත්තේ බුද්ධි තොරතුරක් මත පදනම්වය. 

සැකකරුවන් සන්තකයේ තිබී පෙට්‍රල් බෝම්බ හයක් ද පොලිස් භාරයට ගෙන ඇත. 

අත්අඩංගුවට පත් පිරිස අතර එම ආයතනයේම කළමනාකරු, ව්‍යාපාරිකයෙකු සහ ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයෙකු සිටින බව පොලිසිය තහවුරු කරයි.

වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, අදාළ කළමනාකරු මීගමුව අධිකරණය හමුවේ විභාග වන නඩු දෙකකට අදාළව වරෙන්තු නිකුත් කර සිටි අයෙකු බවයි. 

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Post a Comment

Previous Post Next Post

Contact Form