ඉන්දුනීසියාවේ ලිංගික වහලියක් ලෙස තබාගෙන සිටි ඔරංඔටං

ලිංගික වහලියක් ලෙස තබාගෙන සිටි ඔරංඔටං | Orangutan Forced into Prostitution
මේක අහද්දී කාට වුණත් මනුස්සකම ගැන ලොකු පිළිකුලක් ඇති වෙන සිද්ධියක්. ඉන්දුනීසියාවේ ගම්මානයක (Kareng Pangi) අඳුරු කාමරයක, මෙට්ටයක් උඩ දම්වැල් දාලා ගැටගහලා හිටපු "පෝනි" කියන ඔරංඔටං සතාව 2003 වර්ෂයේදී හොයා ගත්තා. මේ අහිංසක සතාව පොඩි කාලෙදීම අම්මාගෙන් වෙන් කරලා පැහැරගෙන ඇවිත් තිබුණේ ඉතාම නින්දිත වැඩකට. ඒ තමයි ප්‍රදේශයේ ගොවිපළවල්වල වැඩ කරන මිනිස්සුන්ට "ලිංගික ශ්‍රමිකයෙක්" (Prostitute) විදියට විකුණන එක. මේ නරුම මිනිස්සු ඩොලර් 2ක් වගේ මුදලක් ගෙවලා ඇයව පාවිච්චි කළා. පෝනිව අයිති වෙලා හිටපු අය දවස් දෙකකට සැරයක් ඇගේ ඇඟේ සම්පූර්ණ ලොම් කපලා (Shave කරලා), ඇයට මේකප් දාලා, සුවඳ විලවුන් ගහලා කාන්තාවක් වගේ තියන්න කටයුතු කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, මිනිස්සුන්ව සතුටු කරන විදිය පවා ඇයට පුරුදු කරලා තිබුණා. සත්ව හිමිකම් සංවිධාන පෝනිව බේරගන්න ගිය හැම වෙලාවකම ගමේ මිනිස්සු ආයුධ අරගෙන ඇවිත් පහර දුන්නා. මොකද පෝනි නිසා එයාලට හොඳට සල්ලි ලැබුණා. අන්තිමේදී අවුරුද්දක උත්සාහයකින් පස්සේ, AK-47 තුවක්කු අතැතිව ගිය පොලිස් නිලධාරීන් 35 දෙනෙක් යොදවලා, බලහත්කාරයෙන් තමයි පෝනිව මේ නිරයෙන් බේරාගත්තේ. මුල් කාලයේ පෝනි පිරිමි අයට දැඩි බියක් දැක්වූ නිසා ඇයව බලාගත්තේ කාන්තා නිලධාරීන් විතරයි. නමුත් කාලයත් එක්ක පෝනි සුවය ලැබුවා.
උපුටා ගැනීම ක්‍රයිම් ෆයිල්ස් පිටුවෙන්

Post a Comment

Previous Post Next Post

Contact Form