ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

 දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවය යහපත් මට්ටමක පැවතියද ප්‍රදේශ කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය (Air Quality) අද දිනයේ පහත වැටී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. 


ගාල්ල දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශකය අද පස්වරු 06.02 ට සටහන්ව තිබුනේ 113.0ක් ලෙසයි . 

වව්නියා දිස්ත්‍රික්කයේ වායු තත්ත්ව දර්ශකය සටහන් වී තිබුණේ 78.0ක් ලෙසයි. 



එමෙන්ම පසුගිය දිනෙක වාතයේ ගුණාත්මකභාවය "සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර" මට්ටමක පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසා සිටියේ.

ඒ අනුව කුඩා ළමුන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත පුද්ගලයින් වැනි සංවේදී කණ්ඩායම් මෙම ප්‍රදේශවලදී වඩාත් ප්‍රවේශම් විය යුතු බවයි එම සංවිධානය පවසා සිටියේ.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...