ගංවතුරින් සේසතම අහිමි වූ තිදරු පියා කුළු හරක් පහරින් මරුට

 වතුරට ගසාගෙන ගිය තම නිවසේ බඩු භාණ්ඩ එකතු කර ගැනීමට ගිය පුද්ගලයෙක් කුළු හරෙකුගේ පහරදීමකින් මියගොස් තිබෙනවා.


මෙලෙස මියගොස් ඇත්තේ දින පහක කාලයක් පොළොන්නරුව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි මනම්පිටිය මාගංතොට ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


ඉකුත් 30 වෙනිදා ඔහු නිවස ආසන්නයේදී කුළු හරකෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් දෙහිඅත්තකණ්ඩියට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වය පසු වන හෙයින් ඔහු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබිනි.


දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන මෙම පුද්ගලයා නිවස පසුගියදා ගංවතුරට හසුවීමෙන් පසු ගසාගෙන ගිය වලං,මුට්ටි, සහ අනෙකුත් උපකරණ සොයා වන ලැහැබට ගිය විටදී කුළු හරකෙකුගේ ප්‍රහාරයට ලක් විය.



Previous Post Next Post

Contact Form