ලෝක විනාසයට අරමුදල් රැස් කර නැව් සෑදූ එබෝ නෝවා මර්සීඩීස් රථයෙන් යයි

දෙසැම්බර් 25 වන දින ගංවතුරකින් ලෝකය විනාශ වන බව ප්‍රකාශ කළ ඝානාවේ පුද්ගලයෙක් පිළිබද ලොවම කතා බහට ලක් විය. ඔහු ඉන් ජනතාව මුදවා ගැනීම සදහා අරමුදල් රැස් කර විශාල ලී නැව් ද ඉදි කරේය.
ස්වයං ප්‍රකාශිත අනාගත වැකි කරැවකු වන එබෝ නෝවා අනුගාමිකයින්ට දැන් පැවසන්නේ “ඔහුගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණු බවත්, නැවත දැනුම් දෙන තුරු ලෝක විනාශය ප්‍රමාද කර ඇති බවත්ය”. ඔහුගේ අනාවැකිය විශ්වාස කළ සහ විශාල ලී නැව් ඉදිකිරීමට අරමුදල් සැපයූ ආධාරකරුවන්ගේ පරිත්‍යාග මුදල් භාවිතා කරමින් ඔහු නව මර්සිඩීස් රථයක් මිලදී ගත් බවට වාර්තා වීමෙන් පසුව මෙම නිවේදනය ඔහු විසින් නිකුත් කරේය. හදිසි වෙනස විවේචනයට තුඩු දී ඇති අතර, අවසානය සඳහා සූදානම් වූ අනුගාමිකයින් දැන් ඊළඟට කුමක් සිදුවේදැයි ප්‍රශ්න කරමින් සිටිති.

Post a Comment

Previous Post Next Post

Contact Form