ගිනි අවියක් ක්‍රියාත්මක වී පොලිස් නිලධාරියෙකු රෝහලේ

 මාලඹේ පොලිස් ස්ථානය තුළ දී හදිසියේ ගිනිඅවියක් ක්‍රියාත්මක වීමෙන් සිදුවු අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා තිබේ.

අද උදෑසන ගිනි අවියක් පරීක්ෂා කිරීමට යාමේදී අත්වැරදීමකින් එම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදි පොලිස් සැරයන්වරයෙකුගේ හිසට තුවාල සිදුවී ඇති අතර ඔහු ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබු පොලිස් නිලධාරියාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.

මාලඹේ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.


Previous Post Next Post

Contact Form