දක්ෂිණ අධිවේගයේ අනතුරකින් මෝටර් රථ‍යක් ගිනිගනී!

 දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බවුසරයක පිටුපස ගැටීමෙන් මෝටර් රථයක් ගිනි ගෙන තිබෙනවා.


160 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී (05) වැනිදා දහවල් කාලයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මාර්ගය දෙපස ඇති ශාඛවලට ජලය සපයමින් තිබූ බවුසරයක පිටුපස අධික වේගයෙන් සහ අනාරක්ෂිත ලෙස ධාවනය වූ බවට සැක කෙරෙන මෝටර් රථයක් ගැටීමෙන් ගිනි ඇවිලී ඇති බවද පොලිසිය පවසනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී කුඩා දරුවන් කිහිප දෙනෙකු ඇතුළු පුද්ගලයන් පිරිසක් මෝටර් රථය තුළ සිට තිබෙනවා.


අනතුරින් රථයේ සිටි පිරිස සුළු තුවාල ලබා ඇති නමුත් ගිනි ගනිමින් තිබූ රථයේ සිටි සියලු මගීන් බේරා ගැනීමට කටයුතු කළ බවයි පොලිසිය පවසන්නේ.

Previous Post Next Post

Contact Form