කොත්මලේ වේල්ල මතින් බර වාහන ධාවනය අත්හිටුවා ඇතැයි මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කොත්මලේ වේල්ල නිරීක්ෂණය සඳහා අද (09) පැමිණි අවස්ථාවේ මේ බව තීරණය කර තිබෙනවා.
මේ අතර එම ජලාශයේ එක් වාන් දොරටුවක් ඊයේ (08) දින සිට තව දුරටත් විවෘත කර තිබෙනවා.
ජලාශයේ ජල මටට්ම සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යෑම සඳහා එම පියවර ගත් බවයි ජලාශභාර ඉංජිනේරුවන් පවසන්නේ.
