විදුලි ගාස්තු 11.57% කින් වැඩිකිරීමට ලංවිම යෝජනා කරයි

 2026 වසරේ පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) වෙත ඉදිරිපත් කර තිබෙනවා.


මෙම යෝජනාවට අනුව ලබන වසරේ මුල් මාස තුන ඇතුළත සමස්ත විදුලි ගාස්තුව 11.57% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බව විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත්තේ.


මේ සම්බන්ධ නිල යෝජනාවලිය 2025 දෙසැම්බර් 24 දිනැතිව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) වෙත ඉදිරිපත් කර තිබෙනවා.


2026 පළමු කාර්තුව සඳහා අපේක්ෂිත පිරිවැය රුපියල් මිලියන 137,016ක් වන අතර, පවතින ගාස්තු යටතේ ලැබෙන ආදායම රුපියල් මිලියන 113,161ක්. 

ඒ අනුව රුපියල් මිලියන 13,094ක ආදායම් හිඟයක් පවතින බැවින් මෙම 11.57%ක ගාස්තු වැඩිකිරීම අත්‍යවශ්‍ය බවයි මණ්ඩලය පෙන්වා දී ඇත්තේ

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...