එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, මෙම පද්ධතියේ බලපෑම් හේතුවෙන් අනිද්දා සිට උතුර, උතුරු - මැද, නැගෙහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි.
එමෙන්ම, දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද රාත්‍රියේ මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේත්, නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව, මඩකලපුව, සහ අම්පාර, දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙලෙස තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම, හෙට දිනයේදීද ඌව පළාතේත්, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවලට පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර පළාත් කිහිපයකම ඊයේ සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් වාර්තා වනවා.
ඒ අනුව උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 173. 5 ලැබී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයටයි.
කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර උල්හිටිය රත්කිද ජලාශයේ වාන් දොරටු හතම විවෘත කර තිබෙනවා.
අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේද පහත් බිම් කිහිපයක් ජලයෙන් යටවී තිබුණා.