ආර්ථික වර්ධනය 2.9%ට බහිනවා..- IMF


දිට්වා සුළිකුණාටුවේ බලපෑම් ද සමග රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට ඇතිවී ඇති අහිතකර බලපෑම් නිසා මේ වසරේ (2026) ආර්ථික වර්ධනය සියයට 2.9 ක් දක්වා සැලකිය යුතු ලෙස මන්දගාමී වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මුලින් මේ වසරේ (2026) දී සියයට 3.1 ක ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි මූල්‍ය අරමුදලේ වාර්තාවල සඳහන්ව තිබිණ.

එහෙත් දිට්වා සුළිකුණාටුවේ බලපෑම්වලින් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල ඇස්තමේන්තුවල සඳහන් වන්නේ මේ වසරේ (2026) ආර්ථික වර්ධනය සියයට 2.9 ක් දක්වා පහත වැටෙනු ඇති බවයි.

දිට්වා විපතට පෙර රජයේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා රොයිටර් පුවත් සේවය සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කර තිබුණේ 2026 වසරේ ආර්ථික වර්ධනය සියයට 6 දක්වා ඉහළ නංවා ගැනීමට ඉලක්ක කර ඇති බවයි. 

එසේම 2025 වසරේ ආර්ථික වර්ධනය මුලින් පුරෝකථනය කර තිබූ සියයට 4.5 සිට සියයට 4.2 දක්වා අඩු වනු ඇති බවද එම නව පුරෝකථනවල සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
Divaina

Post a Comment

Previous Post Next Post

Contact Form

×
RED ALERT Weather Update
Weather

නායයෑම් රතු නිවේදන! 🌧️

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවදානම්...