රථ වාහන වැරදි කරන රියදුරන් අල්ලන්න කොළඹට නවීන කැමරා 400ක් සවි කිරීම අරඹයි

කොළඹ නගරයේ රථවාහන නිරීක්ෂණය කිරීමට යොදා ඇති ආරක්ෂිත කැමරා 130 කට ආසන්න ප්‍රමාණයකින් කැමරා පනහකට වැඩි සංඛ්‍යාවක් විවිධ දෝෂවලට ලක්ව ක්‍රියා විරහිත වී ඇතැයි පොලිස් රථවාහන මූලස්ථානය පවසයි.

පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මගින් අධීක්ෂණය කරන මෙම කැමරා නිසි පරිදි නඩත්තු නොකිරීම හා නවීන කැමරා සවි නොකිරීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

කොළඹ රථවාහන තදබදය හා ආරක්ෂාව වෙනුවෙන් මෙම කැමරා සවිකර තිබෙන අතර රථවාහන වැරැදි කරන රියැදුරන් කැමරා මගින් හඳුනාගෙන එම වාහනවල රියැදුරන්ට නීතිමය පියවර ගැනීමේ වැඩපිළිවෙළක්ද පසුගිය කාලයේ ආරම්භ කර තිබිණි.

මේ වන විට කොළඹ නගරයට නවීන තාක්ෂණය සහිත කැමරා පහක් සවිකර තිබෙන බවත්, කැමරා 75 ක් හා කැමරා සහිත වෑන් රථ දෙකක් මගින් කොළඹ නගරයේ නිරීක්ෂණ කටයුතු කරන බවත්, රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්. පී. ජේ. සේනාධීර ‘සතිඅග අරුණ’ට පැවසීය.

මෙම කැමරාවලට අමතරව කොළඹ නගරයට කැමරා හාරසියයක පමණ ප්‍රමාණයක් සවිකිරීමේ වැඩපිළිවෙළක්ද, මේ වන විට සිදුවෙමින් පවතින බවත්, එමගින් කොළඹ නගරයේ ආරක්ෂාව හා රථවාහන කළමනාකරණය මෙන්ම වැරැදිකරන රියැදුරන් හඳුනාගෙන නීතිමය පියවර ගැනීම ක්‍රමවත් කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...