උගත්, බුද්ධිමත්, ආදර්ශවත් හරිනිට කැත කතා කියන්නෙපා..- ආචාර්ය මහාචාර්ය 58ක් රටට දැනුම් දෙයි..

 


අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එල්ල වන වෛරී සහ පුද්ගලික ප්‍රහාර සිවිල් ක්‍රියාකාරීන් සහ විද්වතුන් පිරිසක් හෙළා දකී

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කරගනිමින් දියත් කර ඇති ද්වේෂ සහගත අපහාසාත්මක ව්‍යාපාරය සහ පුද්ගලික ප්‍රහාර වහාම නතර කරන ලෙස මෙරට විද්වතුන් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිති.

මෙම ප්‍රහාර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ශිෂ්ට සම්පන්න භාවයේ සීමාවන් ඉක්මවා යන බවත්, ඒවා පිළිබඳව තමන් දැඩි කනස්සල්ල සහ කම්පනය පළ කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

මෙම ප්‍රහාර බොහොමයකට පදනම් වී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් විසින් සකස් කරන ලද පාසල් පෙළපොතක සිදුවී ඇති වළක්වා ගත හැකිව තිබූ දෝෂයක් පිළිබඳ වාර්තා බව මෙම කණ්ඩායම පෙන්වා දෙයි. එවැනි වැරදි සම්බන්ධයෙන් ඉදිරිපත් වන අවංක සහ සාධාරණ විවේචන පිළිබඳව විරෝධයක් නොමැති වුවද, දැන් ක්‍රියාත්මක වන්නේ ඇයගේ පෞද්ගලිකත්වයට සහ ගෞරවයට හානි පමුණුවන සංවිධානාත්මක වෛරී ව්‍යාපාරයක් බව ඔවුන් අවධාරණය කරයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇතැම් ප්‍රහාර ස්ත්‍රී විරෝධී ඊර්ෂ්‍යාව සහ වෛරය මත පදනම් වීමයි. අග්‍රාමාත්‍යවරිය මෙලෙස ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් අපහාසවලට ලක්වීම පිළිකුල් සහගත බවත්, මෙය 1960 දශකයේ සිට මෙරට දේශපාලන නායිකාවන්ට මුහුණ දීමට සිදු වූ වෛරී ප්‍රහාරයන්හිම දිගුවක් බවත් එම නිවේදනය පෙන්වා දෙයි.

සමාජයේ පසුගාමී පිරිස් දියත් කරන මෙම ප්‍රචාර වලට නොරැවටෙන ලෙස මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඇතැම් පූජ්‍ය පක්ෂයේ සාමාජිකයන් පවා


මෙම ව්‍යාපාරයට සම්බන්ධ වීම පිළිබඳව පුරවැසියන්ගේ දැඩි කලකිරීම ප්‍රකාශ වී ඇති බව පවසයි.

අදාළ පෙළපොත් දෝෂය සම්බන්ධයෙන් රජය වගකීම පිළිගෙන පොලිස් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගැනීම අගය කොට ඇත.

ආචාර්ය හරිනි අමරසූරිය සතු ආදර්ශමත් පාර්ලිමේන්තු වාර්තාව සහ ඇයගේ බුද්ධිමත් මැදිහත් වීම් සිහිපත් කරන මෙම පිරිස, ඇය මෙවැනි මඩ ප්‍රචාරයන් නොසලකා හැර පරිපාලනමය අඩුපාඩු නිවැරදි කිරීමට තරම් ධෛර්යවන්ත බව විශ්වාසය පළ කරති.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය ජගත් වීරසිංහ, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන්, මහාචාර්ය නීරා වික්‍රමසිංහ ඇතුළු දිවයිනේ ප්‍රමුඛ පෙළේ මහාචාර්යවරුන්, ආචාර්යවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් 58 දෙනෙකු මෙම නිවේදනයට අත්සන් තබා ඇත.


Post a Comment

Previous Post Next Post

Contact Form

×
RED ALERT Weather Update
Weather

නායයෑම් රතු නිවේදන! 🌧️

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවදානම්...