වැරදුණු AI භාවිතයක්? : මහජන ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනය වෙනස් වෙයි

 වැරදුණු AI භාවිතයක්? : මහජන ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනය වෙනස් වෙයි



මාධ්‍ය වාර්තා පවසන පරිදි, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මේ වන විට අක්‍රිය වී ඇත.

එම වෙබ් අඩවියට පිවිසෙන්නන්ට දැනට දිස්වන්නේ වෙබ් අඩවිය තාවකාලිකව ලබාගත නොහැකි බවත්, විමසීම් ඇත්නම් එහි දක්වා ඇති දුරකථන අංකයට හෝ විද්‍යුත් තැපෑලට යොමු කරන ලෙසත් සඳහන් නිවේදනයකි.

කෙසේ වෙතත්, එම නිවේදනයේ ප්‍රදර්ශනය කර ඇති රාජ්‍ය ලාංඡනය සම්බන්ධයෙන් ගැටලුවක් මතු කර ඇත. එහි ඇති සිංහයාගේ රූපය විකෘති වී ඇති ආකාරයක් දිස්වන අතර, මෙය කිසියම් අනිසි හෝ ස්වයංක්‍රීය (AI) වෙනස් කිරීමක් නිසා සිදුවූවක්ද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ.

Post a Comment

Previous Post Next Post

Contact Form