මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක කලාපවලට අද (10) දින දැඩි ඝණ මීදුම් තත්ත්වයක් පතිත වී ඇති බවට වාර්තා වෙයි.
මේ හේතුවෙන් ප්‍රදේශයේ ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයට ද දැඩි බාධා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන්ම හැටන්-නුවරඑළිය සහ හැටන්-කොළඹ යන ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ග රැසක මෙම මීදුම් තත්ත්වය ව්‍යාප්තව පවතින බවත්, මාර්ගයේ ඉදිරිය පෙනෙන දුර සීමා වීම හේතුවෙන් රියදුරන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද තවදුරටත් වාර්තා වෙයි
ඒ අනුව, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන, අදාළ මාර්ගවල ධාවනය කරන රථවාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු (Headlights) දල්වාගෙන, ඉතා සෙමින් සහ සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

