පාරේ ලයිට්වල බිලත් පාරිභෝගිකයාගෙන්

 වීදි හා පොදු ස්ථාන ආලෝකකරණ කටයුතු සඳහා එක් එක් විදුලි පාරිභෝගිකයාගේ විදුලි බිල්පතෙන් 2.2% ක මුදලක් අය කළ යුතු බව ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල ප්‍රතිපත්තියෙහි සඳහන්ව තිබෙන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ජාතික විදුලි බල ප්‍රතිපත්තියෙහි


17 වන පිටුවෙහි සහ 5.2.1 සහ 5.2. 2 යන කොටසේ මේ සම්බන්ධයෙන් දක්වා තිබෙන බවය.


ඊයේ (5 වැනිදා) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙලෙස පැවැසුවේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංජීව ධම්මික මෙසේ ද කියා සිටියේ.


''මෙය පාරිභෝගිකයන්ට අසාධාරණ බරක්. නමුත් අධිවේගී මාර්ග, කාර්මික කලාප වැනි අධික ලාභ උපයන ආයතනවලින් මෙම ගණන් අයකරන්නේ නැහැ කියල එහි සඳහන් වෙනවා. සාමාන්‍ය ජනතාවට පමණක් බර පැටවෙන අසාධාරණ ප්‍රතිපත්තියක් මෙය. ජාතික ආරක්ෂාවට පවා බලපාන අවදානමක් වීදි ලාම්පු හා පොදු ස්ථාන ආලෝකකරණය පාරිභෝගිකයන් විසින් ප්‍රතික්ෂේප කළහොත්, ජාතික ආරක්ෂාවට, මහජන ආරක්ෂාවට සහ සමාජ ස්ථාවරත්වයට බරපතළ ගැටලු මතුවිය හැකියි. මෙය ප්‍රාදේශීය සභා අමතක කර සකස් කළ ප්‍රතිපත්තියක්, වීදි හා පොදු ස්ථාන ආලෝකකරණය සම්බන්ධ තාක්ෂණික ප්‍රමිතීන් හා මාර්ගෝපදේෂ සුනිත්‍ය බල ශක්ති අධිකාරිය විසින් නිකුත් කිරීම කළ යුතුයි කියල සදහන් වෙනවා ‍මෙන්ම, එම කාර්යභාර්ය ප්‍රතිසංස්කරණය කිරීමට, වැඩිදියුණු කිරීමට හා නඩත්තු කිරීමට නව ආයතනයක් පිහිටුවීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවත් අදාළ ප්‍රතිපත්තියෙන් යෝජනා වී තියෙනවා. එය ක්‍රියාත්මක වුවහොත්, ප්‍රාදේශීය සභා සතුව තිබූ වීදි ලාම්පු ආලෝකකරණය පිළිබඳ මහජන සම්බන්ධතා බිඳ වැටී, ව්‍යාකූල හා අවුල් සහගත තත්ත්වයක් ඇතිවිය හැකියි. මෙම ජාතික විදුලි බල ප්‍රතිපත්තිය ප්‍රාදේශීය සභා සමග සාකච්ඡා නොකර, ඔවුන් අමතක කරමින් සකස් කර තියෙන්නේ. ''කෙසේ වෙතත් වීදි හා පොදු ස්ථාන ආලෝකකරණය කටයුතු සඳහා එක් එක් විදුලි පාරිභෝගිකයාගේ විදුලි බිල්පතෙන් 2.2% ට මුදලක් අයකිරීමට යෝජනා වීම සම්බන්ධයෙන් අප බලශක්ති අමාත්‍යංශයේ නිලධාරි්යකුගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු පැවැසුවේ මෙම ප්‍රතිපත්ති කෙටුම්පත මහජන අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියකට යොමු කර තිබෙන බවත් තවමත් මෙය සම්මත කර ගෙන නොමැති බවත් ය.


එළඹෙන ජනවාරි 09 වැනිදා තෙක් ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සිදුවන බවත් මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගැටලු තිබේ නම් එය බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් කර හැකි බවත් හෙතම පැවැසුවේය.


මෙය කිසිසේත්ම මහජන අදහස් විමසීමකින් තොරව සම්මත කර නොගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.




Post a Comment

Previous Post Next Post

Contact Form

×
RED ALERT Weather Update
Weather

නායයෑම් රතු නිවේදන! 🌧️

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවදානම්...