දින නවයක් වයසැති දරුවා ළිඳට වැටිලා

දින නවයක් වයසැති දරුවකු ළිදකට වැටී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට  උපාධිධාරිණියක වන තත්ත්ව විශ්ලේෂිකාවක දරුවාගේ මව අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරංගමුව හමන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි.

ඉංජිනේරුවකු වන සැමියා හා විවාහවී ඇති  උපාධිධාරිනිය කලක් තිස්සේ හොදින් පවුල් ජීවිතය ගෙන ගොස් ඇතැයිද එසේ කල්ගත කරන අතරේ ඇය දරුවා බිහි කර නිවසට පැමිණ සිට ඇතැයිද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙලිවී ඇත.

මෙම යුවළ හා දරුවා නිවසේ කල් ගත කර ඇතැයිද කිසියම් හඬක් ඇසී සැමියා අවදීවී බලන අවස්ථාවේ දරුවා ළිඳට වැටී සිට ඇති බවත් ළිදට වැටුනු බව කියන බිරිය එහි තිබූ බටයක ආධාරයෙන් ගොඩට විත් ඇති බවත් හෙලිවී ඇතැයි පොලිසිය සදහන් කරයි.

දරුවා බිහි කිරීමෙන් පසු ඇතිවන බව කියන වැදූ ගෙයි සන්නිය නැමති තත්ත්වයට පත්ව කාන්තාව දරුවා සමග ළිදට පැන්නාදැයි සැක කරන බව පොලිසිය සදහන් කරයි.

මෙම යුවළ කිසි විටක අරාවුලකින් පසුවී නැති බවද අනාවරණයවු බව පොලිසිය සදහන් කරයි.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
BREAKING Live Updates
News

කොත්මලේ ගම්මාන ගිලාබහී... ⚠️

සම්පූර්ණ විස්තරය බලන්න...