නංගිගේ උපන් දිනේට රෑ කේක් කපලා අපට කවලා ගිය තාත්තා පාන්දර ගෙට ගිනි තියලා.." ජීවිතය බේරාගත් පුතු සිදුවූ ඛේදවාචකය ගැන කී කතාව මෙන්න..

මේ කතාව නිසා අද වෙනකොට ඒ ප්‍රදේශයේ බොහෝ දෙනා සංවේගයට පත් වෙලා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් සංවේදී කාරණයක්. තමන්ගේම තාත්තා මේ වගේ දෙ‍යක් කරාවි කියලා ඒ දරුවෝ විශ්වාස කරන්නේ කොහොමද..? "නංගීගේ උපන් දිනේට තාත්තා ඇවිත් කේක් කපලා අපට කේක් කවලා යන්න ගියා. ඊට පස්සේ අපි නිදා ගත්තා. ඊයේ පාන්දර ගේ ඇතුළේ ලොකු ගින්නක් ඇවිළෙනවා දැකලා මම ඇහැරුණා. අම්මයි නංගිලයි ආච්චියි ඒ ගින්නට අහුවෙලා. මම එයාලව බේරගෙන එළියට ගත්තා. තාත්තා එයාලට ගිනි තියලා. එයත් ගිනි තියාගෙන කියලා මම දැනගත්තෙ පස්සෙ" යැයි ගලෙන්බිඳුණුවැව ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් 20 හැවිරිදි පුත්‍රයා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි කතාවක්.. ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි බවයි දැනගන්න ලැබෙන්නේ.. ගලෙන්බිඳුණුවැව පඬිකාරමඩුව ප්‍රදේශයේ නිවසක නිදා සිටි සිය දරුවන්ට බිරිඳට සහ නැන්දණියට ගිනි තැබූ පුද්ගලයකු ඔහු ද සිරුරට ගිනි තබාගෙන මියගොස් තිබුණේ ඊයේ අලුයම 2.00ට පමණයි.. මෙම ඛේදවාචකයෙන් ගිනි තැබීම සිදු කළ පියා, ඔහුගේ බිරිඳ සහ 13 හැවිරිදි දියණිය මියගොස් තිබුණා. ගින්නට හසුවූ 66 හැවිරිදි මිත්තණිය, 15 හැවිරිදි දියණිය සහ 20 හැවිරිදි පුත්‍රයා පිළිස්සුම් තුවාල සහිතව අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. ඔවුන්ගෙන් මිත්තණියගේ සහ 15 හැවිරිදි දියණියගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙහිදී මියගිය 43 හැවිරිදි සමන් අනුරුද්ධ ප්‍රදීප්ප්‍රිය සහ ඔහුගේ බිරිඳ වන 36 හැවිරිදි ප්‍රභාෂා සඳමාලි අතර කාලයක සිට පවුල් ආරවුල් පැවතුණා. සමන් අනුරුද්ධ අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූවකු වන අතර ඔහු නිතරම බීමතින් පැමිණ සිය බිරිඳට සහ දරුවන්ට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරී ඇති අතර, මේ හේතුව නිසා මොවුන් අතර නිතර නිතර පවුල් ආරවුල් තිබුණා. මේ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසියේද පැමිණිලි කීපයක් විභාග කළ අතර ඔවුන් සමථයට පත් කිරීමට පොලිසිය අවස්ථා ගණනාවකදීම කටයුතු කර තිබුණා. එහෙත් සැමියාගේ හිංසා පීඩා නිසා කලකිරීමට පත් බිරිඳ සිය දරු තිදෙනා ද සමග ගලෙන්බිඳුණුවැව පඬිකාරමඩුව ප්‍රදේශයේ පිහිටි මවගේ නිවසේ පදිංචියට ගොස් තිබෙනවා. නැවත නිවසට පැමිණෙන ලෙස අවස්ථා ගණනාවක දීම සැමියා කථා කළ ද බිරිඳ මවගේ නිවසේම රැඳී සිට ඇති අතර, පෙරේදා වැඩිමහල් දියණියගේ උපන් දිනය යෙදී තිබූ අතර පියා එදින රාත්‍රියේ මෙම නිවසට පැමිණ තිබෙනවා. එහිදී උපන් දින කේක් කපා දරුවන්ට ද කෑමට දී ඔවුන් සමග ගත කළ පියා නිවසින් පිටව ගොස් තිබෙනවා. ඊයේ අලුයම 2.00ට පමණ පෙට්‍රල් බෝතලයක් ද රැගෙන නිවසට පැමිණ ඇති සමන් අනුරුද්ධ සිය බිරිඳට දියණියන් දෙදෙනාට සහ නැන්දණියට පෙට්‍රල් වත්කර ඔවුන්ගේ සිරුරුවලට ගිනි තබා ඇති අතර, පසුව ඔහු ද පෙට්‍රල් වත්කරගෙන ගිනි තබාගෙන දිවි හානි කරගෙන තිබුණා. මෙම සිද්ධිය වන අවස්ථාවේ 20 හැවිරිදි වැඩි මහල් පුත්‍රයා නිවසේ වෙනත් කාමරයක නිදාගෙන සිට ඇති බවයි දැනගන්න ලැබෙන්නේ. නිවස තුළ ගින්නක් හටගෙන ඇති බව දුටු 20 හැවිරිදි පුත්‍රයා ඊට මැදිවී සිටි සිය මව නැඟණියන් දෙදෙනා සහ මිත්තණිය බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගෙන තිබුණා. මව මිත්තණිය සහ එක් නැඟණියක් නිවසින් පිටතට ගැනීමට ඔහු සමත් වුවද පියා සහ අනෙක් නැඟණිය බේරා ගැනීමට හැකිවී නැහැ. පියා සහ නැඟණිය නිවස තුළම පිළිස්සී මියගොස් තිබුණා. බරපතළ පිළිස්සුම් තුවාල සහිතව මිත්තණිය සහ නැඟණිය අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබුණා. ගලෙන්බිඳුණුවැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන බවයි දැනගන්නට ලැබෙන්නේ..

Post a Comment

Previous Post Next Post

Contact Form

×
RED ALERT Weather Update
Weather

නායයෑම් රතු නිවේදන! 🌧️

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවදානම්...