පෙමට පිටුපෑවායැයි කියා ගුරුවරියගේ ජංගම දුරකතනය කොල්ලකාලා

 ම සම්බන්ධය නතර කළැයි උරණ වූ අයෙක් ගුරුවරියකගේ රුපියල් 64,000ක් වටිනා ජංගම දුරකථනය කොල්ල කා පලා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මතුගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.




කළුතර, නාගොඩ පදිංචි 24 හැවිරිදි ගුරුවරියක විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරික්ෂණ ආරම්භ කරනු ලැබ තිබෙනවා.

තමා ඉකුත් 03 වැනිදා කන්දේ විහාරයට යෑමට සූදානම් වී බස් රථයකින් මතුගම නගරයට පැමිණි බවත් ඉන්ධන පිරවුම්හල අසලදී හමුවූ සැකකරු තමාට බැන වැදී අත තිබූ ජංගම දුරකථනය උදුරාගෙන පලා ගිය බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වෙනවා.

පැමිණිලිකාරිය සහ සැකකරු කලක් ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත් පැමිණිලිකාරිය එය නවතා දැමුවාට උරණ වී සැකකරු මෙලෙස හැසිරී ඇති බවටත් කරුණු හෙළි වූ බව පොලිසිය පවසනවා.

පැමිණිලිකාරියගේ සිරුරේ ඇති සීරීම් තුවාල හේතුකොටගෙන ඇය රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු පැමිණි යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
URGENT Just Released
Gazette

රජයෙන් හදිසි ගැසට් නිවේදනයක්! 📜

වහාම ක්‍රියාත්මක වන පරිදි...