ගුවන් තොටින් රන් පන්නන්න හැදු ගුවන් සේවිකාව මාට්ටු

( ටී.කේ.ජී.කපිල )

රුපියල් හාර කෝටි පනස් නව ලක්ෂ විසි හය දහස් නවසිය පනස් හතක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික පෞද්ගලික ගුවන් සමාගමක සේවිකාවක අද(04 ) කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක්  අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය 27 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණ ගුවන් සේවිකාවකි . ඇය අද අලුයම ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහිදී ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 163 ක් බරැති මෙම ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ  ගුවන් යානා කාර්යය මණ්ඩල සදහා පිටතට පැමිණීමේ දොරටුවෙන් පිට වී යාමට තැත් කරමින් සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

Post a Comment

Previous Post Next Post

Contact Form

×
URGENT Just Released
Gazette

රජයෙන් හදිසි ගැසට් නිවේදනයක්! 📜

වහාම ක්‍රියාත්මක වන පරිදි...