ඉන්දියා-ශ‍්‍රී ලංකා යා කරන පාලම අපේ යෝජනාවක් නොවේ.. ලංකාවේ යෝජනාවක්..- ඉන්දියාව

 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාලම ආරම්භ කිරීමට සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට දුන් ඉන්දියාවේ යෝජනාව තවමත් පවතින බව ත් ශ්‍රී ලංකා රජය එයට ප්‍රතිචාර දක්වන තෙක් ඉන්දියාව බලා සිටින බව ත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සඳහන් කළේ ය.

මහ කොමසාරිස්වරයාගෙන් සිදු කළ විමසීමේදී පිළිතුරු ලෙස මේ බව කීවේ ය.

එහෙත් රටවල් දෙක අතර භූමිය සම්බන්ධ කරන ව්‍යාපෘතිය ඇත්ත වශයෙන් ම ශ්‍රී ලංකාවේ යෝජනාවක් බව මහ කොමසාරිස්වරයා අවධාරණය කළේ ය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර භූමිය සම්බන්ධ කිරීමේ පාලම පිළිබඳව නවතම තත්ත්වය ගැන මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ මාධ්‍ය හමුවකදී ඊයේ (ජන. 8) මහ කොමසාරිස්වරයා මේ බව පැවසීය.

එය ඉන්දියානු යෝජනාවක් නොවන බව මහ කොමසාරිස්වරයා සිහිපත් කළේ ය.

ලංකාවේ එම යෝජනාව සමග ඉදිරියට යන බව ත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙන බව ත් ඔහු පැවසීය.

එහෙත් ඒ සම්බන්ධයෙන් තවත් වැඩ කිහිපයක් කළ යුතුව තිබෙන බව ත් ඒ අනුව භූමිය සම්බන්ධ කිරීම ගැන සුදුසු වේලාවක ඒ පිළිබඳව කටයුතු කරන බව ත් මහ කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

මව්බිම

Post a Comment

Previous Post Next Post

Contact Form