උඩුදුම්බර සුළු භූ කම්පනයක්

අද පස්වරු 5.05 ට උඩුදුම්බර ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ ඒකක 2.2 ක සුළු භූ කම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.


මඬුල්ල, කලවල, මහවල, උඩපිටවල, තේමණ්ඩිය, පපුකන්ද යන ප්‍රදේශවල ජනතාවට මෙම කම්පනය දැනී ඇති බවද වාර්තා වේ.

මෙම කම්පනය සුළු මට්ටමේ එකක් බැවින් ඒ පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත්, තත්ත්වය නිරීක්ෂණය කරමින් පවතින බවත් එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment

Previous Post Next Post

Contact Form