කාලගුණයෙන් රතු නිවේදනයක්

 ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද (07) සවස 05.30 වන විට පොතුවිල් සිට 570 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.0°N සහ දේශාංශ 86.8°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 36 තුල දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ලගාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින අතර එහි බලපෑම හේතුවෙන් හෙට (08) දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනය









Post a Comment

Previous Post Next Post

Contact Form

×
RED ALERT Weather Update
Weather

නායයෑම් රතු නිවේදන! 🌧️

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවදානම්...