ඇමෙරිකානු හමුදා විසින් වෙනිසියුලාව ආක්‍රමණය කර එරට ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසුව, මෙක්සිකෝව, කියුබාව සහ කොලොම්බියාව යන රටවලට ද ඇමෙරිකානු ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
මදුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුමෙන් පසු අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ මෙම කලාපයේ පවතින මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය සහ මත්ද්‍රව්‍ය බලපෑම හේතුවෙන් ඕනෑම අවස්ථාවක තම හමුදා යෙදවීමට සූදානම් බවයි.
මෙක්සිකෝව සහ මත්ද්‍රව්‍ය කාටෙල් මෙක්සිකෝවේ පාලනය එරට ජනාධිපතිනි ක්ලෝඩියා ෂෙයින්බෝම් අත නොමැති බවත්, එය මෙහෙයවනු ලබන්නේ මත්ද්‍රව්‍ය කාටෙල් විසින් බවත් ට්‍රම්ප් චෝදනා කළේය.
"ඇය කාටෙල් කල්ලිවලට දැඩි ලෙස බිය වී සිටිනවා. ඔවුන් මෙක්සිකෝව පාලනය කරනවා," යැයි පැවසූ ට්‍රම්ප්, කාටෙල් කල්ලි මර්දනය කිරීමට ඇමෙරිකානු සහාය ලබා දීමට තමා කිහිප වරක්ම කළ ඉල්ලීම ඇය ප්‍රතික්ෂේප කළ බව ද සඳහන් කළේය. මේ හේතුවෙන් "යමක් කළ යුතුව ඇතැයි" ඔහු වැඩිදුරටත් පැවසීය.
කොලොම්බියාවට සහ කියුබාවට එල්ල වූ චෝදනා කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ දැඩි ලෙස විවේචනය කළ ට්‍රම්ප්, කොලොම්බියාව තුළ අවම වශයෙන් ප්‍රධාන පෙළේ කොකේන් කර්මාන්තශාලා තුනක්වත් පවතින බවත්, ඔවුන් එම මත්ද්‍රව්‍ය ඇමෙරිකාවට එවන බවත් ප්‍රකාශ කළේය.
"ඔහුට තමන්ගේ ආරක්ෂාව ගැන බලාගන්න සිදුවේවි" යැයි ට්‍රම්ප් මෙහිදී කොලොම්බියානු ජනාධිපතිවරයාට සෘජු අනතුරු ඇඟවීමක් කළේය. මේ අතර කියුබාව "අසාර්ථක වෙමින් පවතින ජාතියක්" ලෙස හැඳින්වූ ඔහු, එහි සිටින ජනතාවට සහ එරටින් පිටුවහල් වූවන්ට උදවු කිරීමට තමා බලාපොරොත්තු වන බව පැවසීය.
කලාපීය සහ ජාත්‍යන්තර ප්‍රතිචාර ඇමෙරිකාවේ මෙම හමුදා ක්‍රියාමාර්ගය අදාළ රටවල් තුනම දැඩි ලෙස හෙළා දැක ඇත. මෙය කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් බවත්, ලතින් ඇමෙරිකාව සාමකාමී කලාපයක් විය යුතු බවත් මෙක්සිකෝව ප්‍රකාශ කළේය.
කොලොම්බියානු ජනාධිපතිවරයා මෙය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස හැඳින්වූ අතර, කියුබාව මෙය "බියගුලු, සාපරාධී සහ ද්‍රෝහී" ප්‍රහාරයක් ලෙස හඳුන්වා දුන්නේය.
මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු දෑස් බැඳ ඇමෙරිකානු යුද නෞකාවක් තුළ රඳවා සිටින ඡායාරූප සහ වීඩියෝ ද මේ වන විට ප්‍රසිද්ධියට පත් වී ඇත. මේ අතර, කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිදුකළ මෙම ආක්‍රමණය හේතුවෙන් ඇමෙරිකාව තුළ ද ට්‍රම්ප්ට එරෙහිව දැඩි විවේචන එල්ල වෙමින් පවතී.
