යතුරුපැදි තුනක් එකිනෙක ගැටීමෙන් වැල්ලවායේ දරුණු අනතුරක්

 වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් කුමාරදාස මංසන්ධිය ආසන්න ප්‍රදේශයේ දී යතුරුපැදි තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබෙනවා. 





අනතුරින් දෙදෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලීක රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව එක් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වෙන්නේ. 

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර අනතුර සම්බධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

Post a Comment

Previous Post Next Post

Contact Form