දරු ප්‍රසූතිය සඳහා කිලෝමීටර 06ක් ඇවිද ගිය කාන්තාවක් මියගිය පුවතක් ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ආශා සන්තෝෂ් කිරන්ගා නැමැති 24 හැවිරිදි, මාස නවයක ගැබිනි කාන්තාවක්.
අදාළ කාන්තාව පදිංචිව සිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගඩ්චිරෝලි දිස්ත්‍රික්කයේ එටපල්ලි තාලුකයේ ආල්දන්ඩි ටෝලා හි දරු ප්‍රසූතිය සඳහා වෛද්‍ය පහසුකම් නොමැතිවිම හේතුවෙන්, දරු ප්‍රසූතිය වෙනුවෙන් පෙටා හි පිහිටි සිය සහෝදරයාගේ නිවසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය ජනවාරි පළමු වනදා තම සැමියා සමඟ කැලෑබද මාර්ගයක් හරහා කිලෝමීටර් 06ක් පමණ පාගමනින් ඇය සිය සහෝදරයාගේ නිවසට ගොස් ඇති බව සඳහන්.
ඊයේ (02) උදෑසන ඇයට දරුණු ප්‍රසව වේදනාවක් දැනෙන්නට පටන් ගෙන ඇති අතර, ඒ අනුව ඇයව ගිලන් රථයකින් හෙද්‍රි හි කාලි අම්මාල් රෝහලට ගෙන ගොස් තිබෙනවා.
එහිදී ඇය අසාධ්‍ය තත්ත්වයක පසු වූ බැවින් කුසේ සිටින දරුවා බේරාගැනීමට වෛද්‍යවරු සිසේරියන් සැත්කමක් කිරීමට තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් ඊට ප්‍රමාදවී තිබීම හේතුවෙන් දරුවා ගර්භාෂය තුළම මිය ගොස් ඇති අතර, රුධිර පීඩනය ඉහළ යාම හේතුවෙන් කාන්තාව ද මියගිය බවයි රෝහල් වෛද්‍යවරු පවසා ඇත්තේ.
හදිසි ප්‍රසව වේදනාව සහ සංකූලතා, ඇවිදීම නිසා ඇති වූ බවට සැකකරන වෛද්‍යවරු, ඇයව බේරාගැනීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වූ බවයි ගඩ්චිරෝලි දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ.
