පසුගිය ආසන්න කාලයේ වත්මන් රජය එක්සත් ජනපදය සමඟ ආරක්ෂක අවබෝධතා ගිවිසුමකට එළඹුණු බව පෙන්වා දෙන සමරනායක මහතා, එවැනි ගිවිසුමක් සහ මිත්‍රත්වයක් පවත්වාගෙන යන පසුබිමක ඇමෙරිකාවේ ක්‍රියාවන්ට එරෙහිව සෘජු ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට රජයට ඇති හැකියාව සැක සහිත බව අවධාරණය කරයි.
ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් එක්සත් ජනපදය විසින් ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවේ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ පැහැරගෙන යාම ජාත්‍යන්තර නීතියේ සහ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ බරපතල උල්ලංඝනය කිරීමක් බව ඔහු පවසයි.
මෙම ක්‍රියාව මගින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දෙවන වගන්තියේ සඳහන් මූලධර්ම හතෙන් පහක්ම සෘජුවම උල්ලංඝනය වී ඇති බවත්, විශේෂයෙන්ම වෙනත් රටකට එරෙහිව අවි බලය භාවිත නොකිරීමේ මූලධර්මය මෙහිදී අමුඅමුවේ කඩ කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
රජයේ වගකීම සහ නිහඬතාව වත්මන් රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය මෙම ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර ඇතත්, එය රජයේ හෝ විදේශ අමාත්‍යාංශයේ නිල ස්ථාවරය ලෙස සැලකිය නොහැකි බව සමරනායක මහතා පෙන්වා දෙයි.
1960 දශකයේ අගභාගයේදී "අධිරාජ්‍යවාදයට විනාශය" යන සටන් පාඨය සමඟ කරලියට පැමිණි ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මෙම රජයට, ඇමෙරිකාවේ මෙම "නග්න අධිරාජ්‍යවාදී ක්‍රියාව" හෙළා දැකීමේ සදාචාරාත්මක වගකීමක් පවතින බව ඔහු වැඩිදුරටත් පවසයි.
රජය මෙවැනි තීරණාත්මක අවස්ථාවක ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම විදේශ සබඳතාවලදී ශ්‍රී ලංකාවට හිමි ස්ථානයට සහ රජයේ ප්‍රතිරූපයට බලවත් කැලලක් මෙන්ම තර්ජනයක් විය හැකි බවට ද ඔහු අනතුරු අඟවයි.
මුලාශ්‍රවලට අනුව, බලවත් නොවන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට මෙවැනි සිදුවීම් හමුවේ කළ හැකි දේ සීමිත වුවද, ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව පවතින බව මොහාන් සමරනායක මහතාගේ අදහසයි.