ගැඹුරු පීඩන අවපාතය ශ්‍රී ලංකාවට තවත් ළංවෙයි

  ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (9) පෙ.ව. 6 වනවිට මඩකලපුවේ සිට කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



ඒ අනුව එය වයඹ දෙසට ගමන් කර සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

එහි බලපෑම හේතුවෙන් උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නවතම කාලගුණ අනාවැකිය







Post a Comment

Previous Post Next Post

Contact Form