'කඩවත පද්ධති අන්තර් හුවමාරුව සහ මීරිගම දෙසට මීටර් 500 ක් මාර්ගය' ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන් සීමාකෙරෙන රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කොළඹට ඇතුළුවන සහ කොළඹින් පිටවන වාහන වෙනුවෙන් විකල්ප මාර්ගයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, කඩවත නගර මාධ්‍යයේ ආලෝක සංඥා මංසන්ධියේ සිට අධිවේගී පිවිසුම් මාර්ගය ඔස්සේ ඇල්දෙණිය ආලෝක සංඥා මංසන්ධිය දක්වා මාර්ගය ඒ වෙනුවට භාවිතා කළ හැකි බවයි පොලිසිය නිවේදනය කරනු ලබන්නේ.
මෙලෙස විකල්ප මාර්ගයක් හඳුන්වාදීමට හේතු වී ඇත්තේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් බණ්ඩාරවත්ත - පුවක්පිටිය ප්‍රදේශයෙන් වසා තැබෙන වෙනුවටයි.
මෙහිදී පොලිසිය සඳහන් කළේ, කොළඹ - මහනුවර මාර්ගයේ බණ්ඩාරවත්ත - පුවක්පිටිය ප්‍රදේශයෙන් කඩවත - මීරීගම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේ ඉදිකිරීම් නිසා එක් මංතීරුවක් මෙම වසරේ මාර්තු මස 15 දක්වා වසා තැබීමට කටයුතු කරන බවයි.
