BTS රසිකයන්ට සුබ ආරංචියක් - නව ඇල්බමය මාර්තු 20වනදා එළිදක්වයි

 K-Pop සංගීතයේ උන්මාදනීය සංගීත කණ්ඩායම වන ලොව සුප්‍රකට BTS කණ්ඩායමේ නව ඇල්බමය එළැඹෙන මාර්තු 20 වනදා එළිදැක්වීමට නියමිතව ඇත.



ඉන් පසුව BTS කණ්ඩායමේ යළි පැමිණීම සංකේතවත් කරමින් ලෝක සංචාරයක් පවත්වන බව එම සංගීත කණ්ඩායමේ භාරකාර ඒජන්සිය වන HYBE Corporation විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

2022 වසරේ "Proof" ඇල්බමය නිකුත් කිරීමෙන් පසු සිය සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ සියල්ලන් එක්ව නිකුත් කිරීමට නියමිත පළමු ඇල්බමය මෙය බව ද සඳහන් වේ.

BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙකු විසින් පසුගිය වසර කිහිපය පුරාවට දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවය සිදුකළ බැවින් ඔවුන්ගේ සම්පූර්ණ සාමාජිකයින් එක්ව මෙලෙස ගීත ගායනා කරන්නේ වසර 3කට පසුවයි.

BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක්වූයේ පසුගිය 2022 වසරේදීය.

එම කණ්ඩායමේ සිටින වයසින් වැඩිම සාමාජිකයා වන 29 හැවිරිදි "ජින්" ඒ අනුව පළමුවෙන් හමුදා සේවයට එක්විය.

පසුගිය වසරේ ජූනි මාසය එම කණ්ඩායමේ සාමාජිකයින් සිව්දෙනෙකු අනිවාර්ය හමුදා සේවය අවසන් කළේය.

2013 වසරේදී පළමුවරට සිය නිර්මාණ ඉදිරිපත්කළ BTS සංගීත කණ්ඩායම ලොව පුරා තරුණ පරපුර අතර අතීශය ජනප්‍රිය සංගීත කණ්ඩායමකි. 

BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වන්නේ, ජන්ග් කුක් (Jung Kook), V, ජිමින් (Jimin), සුගා (Suga), RM, ජින් (Jin), සහ ජේ හොප් (J-hope)ය.

Post a Comment

Previous Post Next Post

Contact Form

×
RED ALERT Weather Update
Weather

නායයෑම් රතු නිවේදන! 🌧️

දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අවදානම්...