අනපේක්ෂිත සිද්ධියක් හේතුවෙන් මරණ මංචකයට ගිය පුද්ගලයෙකුගේ ජීවිතය ප්‍රාතිහාර්යකින් මෙන් බේරුණු සිදුවීමක් ඉන්දියාවෙන් වාර්තාවේ.මෙය සිදුව ඇත්තේ අද (25) පෙරවරුවේ ගුජාරාට් ප්‍රාන්තයේ මහල් නිවාස සංකීර්ණයකදීය.පුද්ගලයෙක් මහන් නිවාස සංකීර්ණයේ 10වන මහල් නිවාසයේ නිදාගෙන සිට ඇති අතර, එහිදී එකවර ඔහු ජනේලයෙන් බිම වැටී ඇත.
කෙසේ නමුත් අවාසනාවන්ත මරණයකින් ඔහුගේ දිවි අවසන්වීමට තිබූ එම සිද්ධියේ දී වාසනාවකට මෙන්, ඔහුගේ කකුල මහල් දෙකක් පහළින් පිහිටි නිවාසයක ග්‍රිල් අතර සිරවී තිබේ.පසුව පැයක් පුරා පැවති දුෂ්කර මෙහෙයුමකින් ඔහුව ආරක්ෂිතව මුදාගෙන රෝහල්ගත කරනු ලැබීය.මෙම අනපේක්ෂිත අනතුර මුහුණපා ඇත්තේ නිතින්භායි අඩියා නම් 57 හැවිරිදි පුද්ගලයෙක්ය.