බාබා වැන්ගා 2026 ගැන කියූ හිතාගන්නවත් බැරි අනාවැකිය!

 2026 වසරේදී අපගේ සමාජය ‘සීමාව ඉක්මවා ගොස් ඇති’ බව මිනිසුන්ට වැටහෙනු ඇති බවට ලොව ප්‍රකට දෛවඥයකු වන බල්ගේරියානු ජාතික අන්ධ කාන්තාවක වූ බාබා වැන්ගා අනාවැකි පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



ලෝකය සදාචාරාත්මක සහ තාක්ෂණික සීමාවන් ඉක්මවා ගොස් ඇති බවට වන අවබෝධය, එක් ක්ෂණික සිදුවීමකට වඩා ගෝලීය නොසන්සුන්තාව සහ විද්‍යාත්මක සොයාගැනීම් හරහා සිදුවනු ඇතැයි විශ්වාස කෙරෙන බවට ඇය පවසා ඇති බව සඳහන්. 

2026 වසර වන විට තාක්ෂණය කෙතරම් උසස් මට්ටමකට වර්ධනය වනු ඇත්ද යත්, එය මිනිසුන්ව පාලනය කිරීමට පටන් ගන්නා තත්ත්වයකට පත්වනු ඇති බවට ඇය පැවසූ දේ AI හෙවත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වන වන බවටයි අනුාමිකයන් පෙන්වා දෙන්නේ.

ඇය ලබන වසරේදී සිදුවිය හැකි දේ පිළිබඳ කරන ලද අනාවැකි ගැන ලෝකය පුරා මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.


මීට පෙර ද අවස්ථා ගණනාවකදී සත්‍ය වූ බව පැවසෙන ඇයගේ අනාවැකිවලට අනුව, 2026 පිළිබඳ අනාවැකි ප්‍රධාන වශයෙන්ම තාක්ෂණය සහ සදාචාරය යන කරුණු මත පදනම් වූවක්.

මීට අමතරව, 2025 වසරේ ආරම්භ වන බව පැවසෙන ලෝක ආර්ථික අර්බුදය 2026 වසර දක්වාම ලොව පුරා පවතිනු ඇති බව ඇයගේ දර්ශනයන් පෙන්වා දුන්නා.

විද්‍යාව සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද ඇය වැදගත් අනාවැකි කිහිපයක් පල කර තිබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

2026 වන විට අවම වශයෙන් එක් ප්‍රධාන රටක හෝ පිළිකා කලින් හඳුනාගත හැකි රුධිර පරීක්ෂණ හඳුන්වා දීමට ඉඩ ඇති අතර, එමගින් පිළිකා කල්තියා හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට හැකි වීම ඇයගේ එක් අනාවැකියක්.

කෙසේ වෙතත්, මෙහි පිරිවැය සහ ඇතැම් කණ්ඩායම්වලට පමණක් ප්‍රමුඛතාවය ලැබීම වැනි ගැටළු පැනනැගිය හැකි බව එහි දක්වා තිබෙනවා.

කෘත්‍රිම ජීව විද්‍යාව සහ අවයව ප්‍රතිස්ථාපනය පිළිබඳ දියුණුව ගැන ඇය අනතුරු අඟවා ඇති අතර, 2046 වන විට කෘත්‍රිම අවයව මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇතැයි ඇය විශ්වාස කර තිබුණා.

ඇයගේ අනාවැකිවලට අනුව, නැගෙනහිරින් ආරම්භ වන යුද්ධයක් බටහිර දෙසට ව්‍යාප්ත වී බටහිර ලෝකය විනාශ වන බව සඳහන් කර තිබෙනවා.

මෙම ගැටුම් හමුවේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ලෝක නායකයෙකු ලෙස නැගී සිටින බව හැඟවෙන්නේ යැයි ඇය අනුගමනය කරන්නන් විශ්වාස කරනවා.

ඒ අනුව ‘ලොව අධිපති’ බවට පත්වන පුද්ගලයා ලෙස ඇය පවසා ඇත්තේ පුටින් පිළිබඳ බවයි ඔවුන් විශ්වාසය පළකරන්නේ.

ඇයගේ අනාවැකි විශ්වාස කරන පිරිස් පෙන්වා දෙන්නේ පුටින් මෙම ගැටුමේ පෙරමුණ ගෙන කටයුතු කරනු ඇති බවයි.

මීට අමතරව, දැනට පවතින ඊශ්‍රායල ගැටුම් පලස්තීනයෙන් ඔබ්බට ව්‍යාප්ත වෙමින් පවතින බවත්, 2026 වසරේදී මෙවැනි සියලු ගැටුම් එකිනෙක සම්බන්ධ වී තුන්වන ලෝක යුද්ධය ඇවිලවීමට ඉඩ ඇති බවත් සඳහන් වනවා.

1996 වසරේදී පියයුරු පිළිකාවකින් මියගිය බාබා වැන්ගා හෙවත් සැබෑ නාමය වන වැන්ජෙලියා පාන්ඩේවා ගුෂ්තෙරෝවා, තමාගේ මරණය ද ඇතුළුව, වසර 5079 දක්වා විහිදෙන අනාවැකි දහස් ගණනක් ඉතිරි කර ඇති බව ඇයගේ අනුගාමිකයෝ පවසනවා.

ඇයගේ අනාවැකි පිළිබඳ ලිඛිත වාර්තා නොමැති නමුත්, එම කරුණු ඇයගේ ලේලිය වන ක්‍රසිමිරා ස්ටෝයනෝවා ඇතුළු ඥාතීන් හරහා වර්තමානයට පැමිණ තිබෙනවා.

9/11 ප්‍රහාරය සහ ඩයනා කුමරියගේ මරණය වැනි ලෝක සිදුවීම් ඇය නිවැරදිව ප්‍රකාශ කළ බව ආධාරකරුවන් පවසන අතර, විචාරකයින් පවසන්නේ ඇයගේ අනාවැකි ඕනෑම ආකාරයකට අර්ථකථනය කළ හැකි පුළුල් ප්‍රකාශ පමණක් බවයි.

Post a Comment

Previous Post Next Post

Contact Form