2026 පළමු වාරයේ පාසල් ආරම්භය ජනවාරි 05 වැනිදා

 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලු ම පාසල් 2026 ජනවාරි 05 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.


ඒ අනුව 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය 2025.12.09 නිකුත් කළ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මකවනු ඇති.

එමෙන්ම සිංහල හා දෙමළ පාසල් සඳහා 2025.12. 23 දින සිට 2026.01.04 දින දක්වා ද, මුස්ලිම් පාසල් සඳහා 2025.12.27 දින සිට 2026.01.04 දින දක්වා ද පාසල් නිවාඩු ලබා දෙන බවත් එම අමාත්‍යාංශය පවසනවා.

සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය 2025 දෙසැම්බර් 22 වන සඳුදා දින ද, මුස්ලිම් පාසල් 2025 දෙසැම්බර් 26 වන සිකුරාදා දින ද අවසන් කිරීමටයි එම අමාත්‍යාංශය තීරණය කර තිබුණේ.

මීට අමතරව, 2026 වර්ෂයේ දෙවන හා තෙවන වාරයන් 2025.09.11 දිනැති අංක 30/2025 දරන පාසල් වාර සටහන - 2026 චක්‍රලේඛය පරිදිම ක්‍රියාත්මක වන අතර, විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත පාසල් විභාග පැවැත්වෙන දිනයන්හි වෙනසක් සිදු නොවන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.

Post a Comment

Previous Post Next Post

Contact Form