නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල පිටුපස විශාල පස් කන්දක් රෝහලට සහ රොහලේ වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ නේවාසිකාගාරවලට කඩා වැටීමෙන් වැසි ජලය කාන්දු වීමෙන් ඔවුන් රැදි සිටි නේවාසිකාගාරවලට දැඩි ලෙස හානි සිදු වී ඇති බවත්, නිළ නිවාස 15ක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවට එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් විරසූරිය මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙදි අවධනය යොමු කෙරිණ.
මෙහිදි එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් වීරසුරිය මහතා කියා සිටියේ තම රෝහලේ කාර්යමණ්ඩලය 1390ක් බවත්, මහල් 4කින් යුත් වෛද්‍යවරුන්ගේ සහ මහල් 4කින් යුත් හෙදියන්ගේ නේවාසිකාගාරවලට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති බවයි.
ඉන් 230 දෙනෙකු අවතැන් වී එම පිරිස එම රෝහලේම රෝගීන් නොමැති වාට්ටුවල තාවකාලිකව රැදී සිටි බව ජනාධිපතිවරයා වෙත කරුණූ පැහැදිලි කිරිමෙන් පසු ජනාධිපතිවරයා එම රෝහලේ අධ්‍යක්ෂකවරයා හමුවේ කියා සිටියේ එම නේවාසිකාගාර පවත්වාගෙන යැම සදහා වෙනත් ගොඩනැගිලි කුලි පදනම මත ලබා ගැනීමට හැකි නම් ඒ සදහා ප්‍රතිපාදන ලබා දිය හැකි බවයි.
මෙහිදි රෝහල් අධ්‍යක්ෂකවරයා ජනාධිපතිවරයා හමුවේ කියා සිටියේ දැනට රෝහලේ සේවය කරන හෙදියන් 80 දෙනෙකුට පමණ තව දුරටත් රෝහලේ වාට්ටුවල රැදී සිටිමට නොහැකි නිසා නුවරඑලිය රෝහල ආසන්නයේ තිබෙන රජයේ සංචාරක නිවාඩු නිකේතන කිහිපයක් රොහල වෙත තාවකාලිකව ලබා දෙන්නේ නම් ඒ සදහාද විසදුම් ලබා දිය හැකි බවයි.
එම සංචාරක නිකේතන ලබා දිය හැකි බවත්, එම ඉල්ලීම ලිඛිතව දිස්ත්‍රික් ලේකම්වරිය වෙත ඉදිරිපත් කරන ලෙසත්, එම නිවාඩු නිකේතන ලබා ගැනිමට යම් ගැටළුවක් වේ නම් ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරිය තමාට දුරකථන ඇමතුමකින් ඒ බව දැනුම් දෙන ලෙස දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත ජනාධිපතිවරයා උපදෙස් ලබා දෙන ලදි.
මෙහිදි රෝහල් අධ්‍යක්ෂකවරයා ජනාධිපතිවරයා හමුවේ කියා සිටියෙ පවත්නා තත්වය මත වුවද රෝහලේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවයි.
රංජිත් රාජපක්ෂ
