කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා වන අයවැය අද (දෙසැම්බර් 31) දින දෙවන වර කියවීමේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. ජාතික ජන බලවේගය විසින් පාලනය කරනු ලබන මෙම සභාවේ අයවැය පක්ෂව ඡන්ද 58ක් සහ විපක්ෂව ඡන්ද 56ක් ලෙස ඡන්ද දෙකක බහුතරයකින් අනුමත විය.
මීට පෙර, දෙසැම්බර් 22 වන දින කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් කෙරුණු 2026 අයවැයෙහි පළමු වර කියවීම පරාජයට පත්ව තිබුණි. එහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබූ අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 57ක් පමණි.
එම පරාජයත් සමඟින්, අද දින කොළඹ නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය විසින් අයවැය යළිත් වරක් සභාවට ඉදිරිපත් කරනු ලැබීය. දෙවන වරට පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව, අයවැය සාර්ථකව සම්මත කර ගැනීමට හැකි විය.
