තෙල්දෙණිය පොලිස් වසමේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ පැවත් වූ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 22 දෙනෙකු හා සැකපිට කාන්තාවන් 04ක් අද (13) අළුයම් කාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2769ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804ක්, මත්පෙති 13ක් සහ නීති විරෝධී දුම්වැටි 12ක් සමගයි.සැකකරුවන් අවුරුදු 18ත් 31ත් අතර වයස්වල පසුවන මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිළගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රීකුණාමලය සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 21ත් 26ත් අතර වයස්වල පසුවන මහනුවර, මීගමුව සහ පූඩළුඔය ප්‍රදේශවල පදිංචිකාරියන්.
සැකකරුවන් හා සැකකාරියන් අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Tags
සාමාජීය
