ඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් මියගිය තංගල්ල ප්‍රාදේශීය සභාවේ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අග්‍රහාර හිමිකම් වශයෙන් රුපියල් ලක්ෂ 226ක් ප්රදානය කිරීම තංගල්ල නගර සභා පරිශ්‍රයේදී පසුගියදා (29) සිදු කෙරිණි.
මියගිය අයට හිමි මුදල් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට චෙක්පත් මඟින් පිරිනැමීම මෙහිදී සිදු විය.
රාජ්‍ය නිලධාරීන්ට හිමි අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ අග්‍රහාර රන් රක්ෂණාවරණය හිමි සාමාජිකයන් වෙනුවෙන් රුපියල් 2,000,000ක් සහ අග්‍රහාර සාමාන්‍ය රක්ෂණාවරණය යටතේ රුපියල් 600,000ක් මෙහිදී පිරිනැමිණි.
මේ අවස්ථාවට තංගල්ල නගර සභාවේ සභාපති පල්ලියගුරුගේ නන්දසිරි, උප සභාපති චින්තක කැලුම්, ජාතික රක්ෂණ භාර අරමුදල නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරිනී ගමානි ලියනාරච්චි, සහකාර සාමාන්‍යාධිකාරි සමිල් තුෂාර, සහකාර කළමනාකරු (අලෙවි) නුවන් දිසානායක, සහකාර කළමනාකරු (අග්‍රහාර) චන්න ගුණතිලක, ප්‍රාදේශීය දේශීය කළමනාකරු නිරෝෂ් පාඩිගම, රක්ෂණ නිලධාරි (හම්බන්තොට ශාඛාව) අජන්ත වන්නිආරච්චි, කළමනාකරණ සහකාර තාරක නුවන් මහත්ම මහත්මීන් ඇතුළු මියගිය අයගේ පවුල්වල සාමාජිකයෝ එක්වූහ.
