මුදලට වඩා වටින්නේ මනුස්සකම බව මෙම සිදුවීම නැවත වරක් සමාජයට මතක් කර දෙන බවද හෙතෙම කීය.
ආපදාවට පත් පිරිස රැස් කරවා ග්‍රාම නිලධාරී, අර්ථික සංවර්ධය නිලධාරී විසින් ආපදාව පිළිබඳව කරුණු පැහැදිලි කර දීමෙන් අනතුරුව තමාට හිමි මුදල් වෙනත් ප්‍රදේශවල ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන ලෙස දන්වමින් එම මුදල ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කිරීම ද විශේෂත්වයකි.