එළඹෙන දෙසැම්බර් 29 වැනිදා සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
විශේෂයෙන් උතුර, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය තදින් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
පවතින කාලගුණ විපර්යාසයන් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන නිල නිවේදන සහ අනාවැකි පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
